Skip to main content

Posts

මේ තමා ආදරය අවාරෙට මල් පිපුන කටු පදුරු පවා ගිනිගත්ත... --------------------------------------------------------------- දිගම කවි තරම් බෝරිං වෙන මගුල් නැති තරං පාං කාලත් බෙදං කෑවෙ උබ එක්ක රත්තරං සති අන්ත නිදහසට   ටියුෂන් ආපු දවස්වල වරු දෙකක් මං උන්නෙ   බස් ගහන උයන්දන අපි උන්නෙ වැවගාව වැටගාව බලාගෙන හැමදාම උබ බැන්නෙ හන්තානෙ කතාවට ගබ්සා කලත් ගැබ් උන ගර්බණී කවියකට ප්‍රේමයේ පද හතර ඇවෑමෙන් ඇමිණුවා හැමදේම වෙන්නෙ අපි කරන විදිහට හොදම විදිහට වෙන කිසි දෙයක් නෑ මචං නැවතුමක් නැති ප්‍රශ්න ගොඩ උඩ   කෙල්ලෙ උබ ඇති තවම බිම බලාගෙන මේ ගෙවෙන්නේ වතුර පොදක් නැති නියගලා විතරක් ඉතිරි පට්ට වේස නියගයක්.. ගහ කොළට පවා මේ මහ පොළොව   නීතියෙන් තහනම්   වෙච්ච කාලයක්.. මේ තමා ජීවිතය හන්තානේ පිපුන කටු පදුරු පවා මල් දැරුව.. මේ තමා ආදරය අවාරෙට මල් පිපුන කටු පදුරු පවා ගිනිගත්ත.. සුපුන්.
Recent posts
අභිසාරිකාවකගේ දිනපොත. කැළණි පාලම පාට වතුරෙං ලැයිමේ දාඩිය පේනවා කළු වෙච්ච කහ පාට මල් ටික  හැටේ වත්තෙන් බෙදනවා පොඩි එකාගේ බඩේ සද්දේ තාම හවහට ඇහෙනවා ගංගාරාමෙන් ඇහෙන කවි බණ සද්ද නැතිවම මැකෙනවා පිටකොටුව ලග බෝධියේ හෙවනැල්ල ඉදහිට නිවෙනවා නයිට් ක්ලබ් වල හීන් කෙදිරිය උබේ පිටිකිරි ගේනවා.. උබත් එහෙමම නිදනවා මටත් ඉදහිට ඇඩෙනවා.. වැස්ස දවසට ටකටමේ බෝල් තනුව තාලෙට වැයෙනවා හිතේ හිරවුණු මගේ කවි ටික තහඩු අතරින් ඉහෙනවා රෙදි ගහපු දොර ලෑලි අතරිං හද එලිය විත් පෙරෙනවා කිරි ඉද්ද මල් කදුලු පුරවන් තවම දොරකඩ අඩනවා කැලනි කලු ගග හීන පොදිබැද තවම පහලට ගලනවා පොටි දමා ටිංකරිං කල යුතු හදහනෙත් ඇද තියනවා උබත් එහෙමම නිදනවා මටත් ඉදහිට ඇඩෙනවා.. අභිසාරිකාවකගේ දිනපොත.
Lesbian & Gay හරුකි මුරකාමි. කව්ද ඒ?. ජපන් නවකතාව ලෝකයටම විවර කල සුපිරි චරිතයක් තමයි. නූතන ජපන් සාහිත්‍යයේ පුරෝගාමී ලේඛකයා තමයි මුරකාමි. එයා කියන විදිහට සත්‍යය පවතින්නේ සීමා තුල ගාල් කල මානව භාෂණ ලෝකයෙන් පිටස්තරවයි. මිනිහ ලියනව පොතක් " kafka on the shore" කියල. ඒකෙ සිංහල පරිවර්තනය ගාමිණී වියන්ගොඩ ගේනව කෆ්කා මුහුදු වෙරලේ කියල. කොහොමද කෙනෙක් සාමාන්‍ය කෙනෙක් තව කෙනෙක් ලෙස්බියන් කෙනෙක් තව කෙනෙක් ගේ කාරයෙක් වෙන්නෙ. මෙහෙම හිතන්න මේ ලෝකෙ මනුස්සයො තුන් දෙනයි ඉදල ත ියෙන්නෙ. එකෙක් තමයි පිරිමි පිරිමියා. ඒ කියන්නෙ පිරිමි දෙන්නෙක්ගෙ අවයව වලින් හැදුන එක පිරිමියෙක්. තව කෙනෙක් ඉන්නව ගැහැනු ගැහැනු. ගැහැනු දෙන්නෙක්ගෙ අවයව වලින් හැදුනු එක ගැහැනියෙක්. අනිත් කෙනා තමයි ගැහැනු පිරිමියා. එයාව හැදිල තියෙන්නෙ ගැහැනු කෙනෙක්ගෙ අවයවයි පිරිමි කෙනෙක්ගෙ අවයවයි එකතු වෙලා. දැන් උබ කැමති උබ කව්රු වෙලා හිටියටද? උබ කොල්ලෙක් නම් කියයි පිරිමි පිරිමියා වෙලා හිටියනම් හොදයි කියල. කෙල්ලෙක් නම් කියයි ගැහැනු ගැහැනු වෙලා හිටියනම් හරි කියල. එතකොට අනිත් එකා ගැහැනු පිරිමියා වෙන්න කව්රුවත් කැමති නෑනෙ නේද. මොකද ඌට දෙ...