මේ තමා ආදරය අවාරෙට මල් පිපුන කටු පදුරු පවා ගිනිගත්ත... --------------------------------------------------------------- දිගම කවි තරම් බෝරිං වෙන මගුල් නැති තරං පාං කාලත් බෙදං කෑවෙ උබ එක්ක රත්තරං සති අන්ත නිදහසට ටියුෂන් ආපු දවස්වල වරු දෙකක් මං උන්නෙ බස් ගහන උයන්දන අපි උන්නෙ වැවගාව වැටගාව බලාගෙන හැමදාම උබ බැන්නෙ හන්තානෙ කතාවට ගබ්සා කලත් ගැබ් උන ගර්බණී කවියකට ප්‍රේමයේ පද හතර ඇවෑමෙන් ඇමිණුවා හැමදේම වෙන්නෙ අපි කරන විදිහට හොදම විදිහට වෙන කිසි දෙයක් නෑ මචං නැවතුමක් නැති ප්‍රශ්න ගොඩ උඩ කෙල්ලෙ උබ ඇති තවම බිම බලාගෙන මේ ගෙවෙන්නේ වතුර පොදක් නැති නියගලා විතරක් ඉතිරි පට්ට වේස නියගයක්.. ගහ කොළට පවා මේ මහ පොළොව නීතියෙන් තහනම් වෙච්ච කාලයක්.. මේ තමා ජීවිතය හන්තානේ පිපුන කටු පදුරු පවා මල් දැරුව.. මේ තමා ආදරය අවාරෙට මල් පිපුන කටු පදුරු පවා ගිනිගත්ත.. සුපුන්.
අභිසාරිකාවකගේ දිනපොත. කැළණි පාලම පාට වතුරෙං ලැයිමේ දාඩිය පේනවා කළු වෙච්ච කහ පාට මල් ටික හැටේ වත්තෙන් බෙදනවා පොඩි එකාගේ බඩේ සද්දේ තාම හවහට ඇහෙනවා ගංගාරාමෙන් ඇහෙන කවි බණ සද්ද නැතිවම මැකෙනවා පිටකොටුව ලග බෝධියේ හෙවනැල්ල ඉදහිට නිවෙනවා නයිට් ක්ලබ් වල හීන් කෙදිරිය උබේ පිටිකිරි ගේනවා.. උබත් එහෙමම නිදනවා මටත් ඉදහිට ඇඩෙනවා.. වැස්ස දවසට ටකටමේ බෝල් තනුව තාලෙට වැයෙනවා හිතේ හිරවුණු මගේ කවි ටික තහඩු අතරින් ඉහෙනවා රෙදි ගහපු දොර ලෑලි අතරිං හද එලිය විත් පෙරෙනවා කිරි ඉද්ද මල් කදුලු පුරවන් තවම දොරකඩ අඩනවා කැලනි කලු ගග හීන පොදිබැද තවම පහලට ගලනවා පොටි දමා ටිංකරිං කල යුතු හදහනෙත් ඇද තියනවා උබත් එහෙමම නිදනවා මටත් ඉදහිට ඇඩෙනවා.. අභිසාරිකාවකගේ දිනපොත.