මේ තමා ආදරය අවාරෙට මල් පිපුන කටු පදුරු පවා ගිනිගත්ත...
---------------------------------------------------------------
දිගම කවි තරම් බෝරිං
වෙන මගුල් නැති තරං
පාං කාලත් බෙදං කෑවෙ
උබ එක්ක රත්තරං
දිගම කවි තරම් බෝරිං
වෙන මගුල් නැති තරං
පාං කාලත් බෙදං කෑවෙ
උබ එක්ක රත්තරං
සති අන්ත නිදහසට
ටියුෂන් ආපු දවස්වල
වරු දෙකක් මං උන්නෙ
බස් ගහන උයන්දන
ටියුෂන් ආපු දවස්වල
වරු දෙකක් මං උන්නෙ
බස් ගහන උයන්දන
අපි උන්නෙ වැවගාව
වැටගාව බලාගෙන
හැමදාම උබ බැන්නෙ
හන්තානෙ කතාවට
වැටගාව බලාගෙන
හැමදාම උබ බැන්නෙ
හන්තානෙ කතාවට
ගබ්සා කලත් ගැබ් උන
ගර්බණී කවියකට
ප්‍රේමයේ පද හතර
ඇවෑමෙන් ඇමිණුවා
ගර්බණී කවියකට
ප්‍රේමයේ පද හතර
ඇවෑමෙන් ඇමිණුවා
හැමදේම වෙන්නෙ
අපි කරන විදිහට
හොදම විදිහට වෙන
කිසි දෙයක් නෑ මචං
අපි කරන විදිහට
හොදම විදිහට වෙන
කිසි දෙයක් නෑ මචං
නැවතුමක් නැති
ප්‍රශ්න ගොඩ උඩ
කෙල්ලෙ උබ ඇති
තවම බිම බලාගෙන
ප්‍රශ්න ගොඩ උඩ
කෙල්ලෙ උබ ඇති
තවම බිම බලාගෙන
මේ ගෙවෙන්නේ
වතුර පොදක් නැති
නියගලා විතරක් ඉතිරි
පට්ට වේස නියගයක්..
වතුර පොදක් නැති
නියගලා විතරක් ඉතිරි
පට්ට වේස නියගයක්..
ගහ කොළට පවා
මේ මහ පොළොව
නීතියෙන් තහනම්
වෙච්ච කාලයක්..
මේ මහ පොළොව
නීතියෙන් තහනම්
වෙච්ච කාලයක්..
මේ තමා ජීවිතය
හන්තානේ පිපුන
කටු පදුරු පවා
මල් දැරුව..
හන්තානේ පිපුන
කටු පදුරු පවා
මල් දැරුව..
මේ තමා ආදරය
අවාරෙට මල් පිපුන
කටු පදුරු පවා
ගිනිගත්ත..
අවාරෙට මල් පිපුන
කටු පදුරු පවා
ගිනිගත්ත..
සුපුන්.
Comments
Post a Comment