Skip to main content








අභිසාරිකාවකගේ දිනපොත.

කැළණි පාලම පාට වතුරෙං
ලැයිමේ දාඩිය පේනවා
කළු වෙච්ච කහ පාට මල් ටික 
හැටේ වත්තෙන් බෙදනවා
පොඩි එකාගේ බඩේ සද්දේ
තාම හවහට ඇහෙනවා
ගංගාරාමෙන් ඇහෙන කවි බණ
සද්ද නැතිවම මැකෙනවා
පිටකොටුව ලග බෝධියේ
හෙවනැල්ල ඉදහිට නිවෙනවා
නයිට් ක්ලබ් වල හීන් කෙදිරිය
උබේ පිටිකිරි ගේනවා..
උබත් එහෙමම නිදනවා
මටත් ඉදහිට ඇඩෙනවා..
වැස්ස දවසට ටකටමේ
බෝල් තනුව තාලෙට වැයෙනවා
හිතේ හිරවුණු මගේ කවි ටික
තහඩු අතරින් ඉහෙනවා
රෙදි ගහපු දොර ලෑලි අතරිං
හද එලිය විත් පෙරෙනවා
කිරි ඉද්ද මල් කදුලු පුරවන්
තවම දොරකඩ අඩනවා
කැලනි කලු ගග හීන පොදිබැද
තවම පහලට ගලනවා
පොටි දමා ටිංකරිං කල යුතු
හදහනෙත් ඇද තියනවා
උබත් එහෙමම නිදනවා
මටත් ඉදහිට ඇඩෙනවා..
අභිසාරිකාවකගේ දිනපොත.

Comments